මේ 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ දේ නම් බෑ - සිසුන්ට දැනුම්දීමක් මෙන්න..
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරමින් පවත්වන ලබන සියලුම උපකාර පන්ති මේ මස 30 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවනු ලබයි.

ඒ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන සියලුම කටයුතු අත්හිටවනු ඇත.
මෙම නීති උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.