ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු වැඩි වෙයිද? ජාතික ගමනාගමන කොමිසමෙන් නිවේදනයක්
ජාතික ගමනාගමන කොමිසම (NTC) නිවේදනය කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින්ද ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගනු ලැබීය.
ඊට අනුව ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් යන සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.
එමෙන්ම ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම බලාපොරොත්තු වන බවයි.