අන්සතු ගීතය කරද්දි මං මේක්අප් එකක්වත් දැම්මේ නැහැ නිපුනි පූජිත ගුණවර්ධන කියන කතාව (PHOTOS)

Nipuni poojitha ansathu pema thisara weerasinghe
By Sithumi Nov 16, 2021 06:23 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය කාලසීමාව තුළ ඉතාමත් වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතුරුණු නිර්මාණයක් තමයි අන්සතූ ඔබ වෙත කියන ගීතය. ඉතින් මේකේ සදහන් වෙන්නේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳවයි.

ඒ නිර්මාණය පිළිබඳ ව සමාජය නොයෙකුත් ආකාරයේ විවේචනයක් ඉදිරිපත් කළා. මේ නිර්මාණයට පෙනී සිටි තරුණිය තමයි නිපුනි පූජිත ගුණවර්ධන කියලා කියන්නේ. ගීතයත් සමඟ ලැබෙන ප්‍රතිචාර එක්ක මේ දවස්වල කාලය ගත කරන ඇය මේ ගීතයට බොහෝ දෙනෙක්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලා සඳහන් කළා. 

ඔබ අනියම් පෙමක හිමිකාරියක් වෙලාද කියලා අහපු අවස්ථාවක ඇය සඳහන් කළේ ඇයව එහෙම දකින්න කැමති නම් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා මොකද ඒ නිර්මාණය ඇතුලේ ඇය සාර්ථක නිසා නේ මිනිස්සු එහෙම දකින්නේ කියලා තමයි නිපුනි කිව්වේ. නිපුනි කියන්නේ කලා ලෝකයට අලුත් මුණක්. ඇය ප්‍රසිද්ධ නිළියක් නෙවෙයි. ඉතාමත් සීමිත නිර්මාණයන් කීපයකට විතරයි නිපුනි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. 

ඒ අතරින් අවුරුදු හයකට විතර කලින් ඇය වෙළඳ දැන්වීම් කිහිපයකට සහභාගි වෙලා තියෙනවා. ඊට අමතරව හීන හොයන සමනල්ලු සහ ඒ ලෙවෙල් චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කරන්නත් නිපුනිට අවස්ථාව උදා වුණා. නිපුනි කියන්නේ 2019 වර්ෂය මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙලා අවසාන වටය නියෝජනය කරන්න වරම් ලබාගත් කෙනෙක්.

ඇය අම්පාර ප්‍රදේශයේ ඉපදුනත් මේ වෙද්දි ස්ථිරවම කඩවත ප්‍රදේශයේ තමයි පදිංචි වෙන්නේ. අන්සතු ඔබ වෙත ගීතය ගැන කතා කරද්දී මේක විනාඩි ගණනක වැඩක් වුණත් ඉතාමත් හොඳින් කරන්න ඕනේ වැඩක් නිසා ඇගේ මුහුණේ ඉරියව් සහ ශරීර චලන පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා.

මේ වැඩේ සඳහා ඔවුන්ට දවස් දෙකක් ගත වෙලා තියෙනවා. පලවෙනි දවසෙම පුහුණුවීම් කටයුතු වලටත් දෙවැනි දවසේ රූපගත කිරීම් කටයුතු වලටත් ඒ කාලයේ ඔවුන් විසින් වෙන් කරගත්තා. නිර්මාණය කරද්දි මිනිස්සු මේ රූප රචනය ගැන කොහොම හිතයිද කියන බය ඔවුන් තුළ තිබිලා තියෙනවා.

නමුත් හිතුවටත් වඩා ප්‍රතිචාර හොඳ උනාට පස්සේ ඒ නිර්මාණය පිළිබඳව ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් ගත්තලු. ඇගේ තාත්වික රංගනය නිසා ම ගොඩක් වෙලාවට නිර්මාණය සාර්ථක වුණා කියලා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර වල සදහන් වෙනවා. ඇත්තටම කොහොමද එහෙම රඟපාන්න කියලා අහපුහම ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්. සරලව වැඩේ කලා. කොටින්ම මේක්අප් එකක්වත් භාවිතා කළේ නැහැ. සියයට සියයක්ම ස්වභාවික පෙනුමෙන් තමයි රඟපෑවේ.

නිළියන් ලස්සන වෙන්න ඕනි සුදු වෙන්න ඕනෙ කියන කතාව බොරු කියලා ඔප්පු කළා. ඇය අදහස් දක්වන්නෙ එයාකාරයෙන් . ජීවිතය තුළදී ඇයත් විටෙක ආදරේ කරලා තියෙනවා කියලා සඳහන් කළා නමුත් නොතේරුම්කම නිසා ඒ දේවල් මග නතර උනාලු. ඊට පස්සේ කවදාවත් ආදරය ගැන හිතලා නැහැ.

මේ නිර්මාණයත් සමගම විවිධ ටෙලි නිර්මාණයන් එක්ක සම්බන්ධ වෙන්න ඇයට ඉදිරියේ දී බොහෝ ආරාධනා ලැබේවි. ඉතින් ඒ සියලුම දේවල් ඒ අයුරින්ම සිදු වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

GalleryGalleryGallery