මාරාන්තික වෛරසයක් පැතිර යාම නිසා පාසල් රැසක් නිවාඩු දෙයි..දෙදෙනෙක් මියයයි..
මාරාන්තික නිපා වෛරසය ආසාදිතව සිටි කේරල ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මියගිය බව ඉන්දීය සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් කුඩා දරුවකු ඇතුළු රෝගීන් කිහිපදෙනෙකු හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බවයි.
නිපා වෛරස් ආසාදිතයින් සමග සමීප සබඳතා පැවැත්වූ 700 කට වැඩි පිරිසක් පරීක්ෂා කර ඇති අතර ඔවුන් ආසාදිතයින් දැයි මෙතෙක් තහවුරු වී නොැමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
කේරල ප්‍රාන්තයේ පාසල් කිහිපයක් ද වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවා සහ කාර්යාල කටයුතු තාවකාලිකව නතර කර තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා තහවුරු කළා.
2018 වසරේ සිට මේ දක්වා කාලය තුළ ඉන්දියාවේ කේරල ප්‍රාන්තය තුළ මාරාන්තික නිපා වෛරසය පැතිර යන 04 වන අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.
2018 වසරේ කේරල ප්‍රාන්තයේ නිපා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 23 දෙනෙකුගෙන් 21 දෙනෙකුම මියගියා.
