මොළයේ සෛල විනාශ කරන දුර්ලබ වෛරසයක් පැතිරී යයි - වෛරසය පැතිරී යාම ගැන වෛද්‍යවරුන් කියයි..
ඉන්දියාවේ "නිපා" නම් දුර්ලබ ගණයේ වෛරසයක් පිළිබඳව වාර්තා වේ.
එම වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව එක් පුද්ගලයෙකු අගෝස්තු මාසයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර දී මියගොස් ඇත.
ඔවුන් එකම පවුලේ සාමාජිකයින් වන බවත් තවත් දෙදෙනෙක් ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙයි.
නිපා වෛරසය හේතුවෙන් මොළයේ සෛල විනාශ වන බව වාර්තා වේ.
එය මිනිසුන් අතර පැතිරෙන්නේ ශ්‍රාව ස්පර්ශයෙන් බව වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.
මෙ අතර ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් වෛරසය පැතිරෙන බව හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත්, මෙතෙක් ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති බව වාර්තා වේ.