එන්නත් කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වේ
නිවෙස් තුළ මියයන පුද්ගලයින්ගේ ඥාතියෙකු හෝ අසල්වැසියෙකු කොවිඩ් ආසාදිතයෙකු නොවේ නම් එම මරණ කොවිඩ් ආසාදිත නොවන මරණ සේ සලකා ඥාතීන් වෙත මුදාහැරීමට අවසර ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මේ අතර, ජූනි මාසය තුළ පමණක් කොවිඩ් ආසාදිත මරණ 1,500 ඉක්මවා රජය විසින් තහවුරුකර තිබෙන අතර එලෙස මරණ ඉහළයාමට හේතුව පිළිබඳව සෙවීමට විශේෂඥ කමිටුවක්ද පත්කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ සහ මහාචාර්ය ඒ. පද්මේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති පැවසුවේ ඔවුන් එම කමිටුවෙන් ඉල්ලා අස්වැන්නේ කුමන හේතුවක් නිසාදැයි යන්න සෞඛ්‍ය අමාත්‍යංශය හෙළිකළ යුතු බවය. හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඌව හයිලන්ඩ් හා ඇල්ලෙවෙල යන වතුවල සිදුකළ අහඹු පී.සී.ආර්.පරීක්ෂණ 225ක් අතරින් ආසාදිතයින් 46 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළහ.
මේ අතර බියගම සියඹලාපේවත්ත ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වූයේ සිය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ආසාදිතයින් බහුලව වාර්තා වූ ප්‍රදේශ මුදාහැර තම ප්‍රදේශය පමණක් තවදුරටත් නිකරුණේ හුදකලා කර තැබීමට විරෝධය පළකරමිනි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |