ඇඳුම නැතුව ජාත්‍යන්තර තරගයට ගිය ලංකාවේ සුරූපී නිරූපිකාව මෙන්න.(PHOTOS)

Sri Lanka
By Aruna Oct 18, 2022 12:24 AM GMT
Aruna

Aruna

Report

මෙරට නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ පැවැත්වෙන මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් නම් තරඟයට ඉදිරිපත්වීම සඳහා සූදානම් කරගෙන සිටි ඇඳුමෙහි බර වැඩිවීම නිසා එය රැගෙන යාමට තමන්ට කටුනායක ගුවන් තොටුපළේදී ඉඩනොදුන් බව මෙරට නිරූපිකාවක් වන නිහාරි පෙරේරා පවස සිටියේය.

ඇය රැගෙන ගොස් ඇති ඇඳුමෙහි බර කිලෝ ග්‍රෑම් 27කි. එම ඇඳුම මෙම තරගාවලියේ ඇය ඉදිරිපත් කිරීමට නියමිත සංස්කෘතික අංගය සඳහා නිර්මාණය කර ඇති එකකි.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දක්වා සිටි ඇය වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළාය. ”මේ මගේ නැෂනල් කොස්ටියුම් එක, මේක තමයි වැදගත්ම එක.

මේක ගෙනියන්න බැරි වුණේ ගුවන්තොටුපළෙන් තියලා යන්න කිව්ව නිසා. මගේ බෑග් සේරම බර තිබුණේ කිලෝ හතළිහයි.

නමුත් ගෙනියන්න දුන්නේ නැහැ මට වැදගත්ම එක. මට ගෙනියන්න තිබ්බ අමතර බෑග්වලටත් රුපියල් අසූදාහක් අමතරව ගෙවන්න වුණා මට. අන්තිමට මම ආවේ මේ තරගයට ඉන්දුනීසියාවට මගේ වැදගත්ම ඇඳුම් නිර්මාණය ලංකාවේ දාලා. රට නියෝජනය කරන්න යන්න අවස්ථාවකටවත් සහයෝගයක් දෙන්නේ නැත්නම් ඒ ගැන කනගාටුවක් තියෙනවා.

මට විතරක් නෙමේ තව අයට මෙහෙම වෙලා තියෙනවා. රජයෙන් කිසිම සහයක් නැහැ මෙවැනි තරගවලට යන අයට’’ ඉන්දුනීසියාවේ පැවැත්වෙන මෙම “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දස වන වරට වන අතර ඒ සඳහා රටවල් 68 ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගි වෙයි.

තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔක්තොම්බර් 25 වැනිදාය.

මෙවැනි රූ රැජිණ තරගවලදී රට නියෝජනය කරන ඇඳුමින් සැරසී කරන ඉදිරිපත් කිරීම එම තරගාවලියේදී ඉතා වැදගත් අංගයක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery