ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට නිහාල් පත්කරයි..සාගල රත්නායක ඉවතට..

Report

අධ්‍යාපන අමාත්‍යංශය වර්තමාන ලේකම් නිහාල් රණසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත්කරනු ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර සිටිනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට නිහාල් පත්කරයි..සාගල රත්නායක ඉවතට.. | Nihal To The Position Of Chief Of Staff President

දැනට ජනාධිපති කාර්යාල කාර්ය මණ්ඩලය ප්‍රධානී ලෙස කටයුතු කරන සාගල රත්නායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්වීමෙන් අනතුරුව රණසිංහ මහතා එකී තනතුරට පත්වීමට නියමිත බවයි එම පුවත් පත වැඩිදුරටත් පවසන්නේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට නිහාල් පත්කරයි..සාගල රත්නායක ඉවතට.. | Nihal To The Position Of Chief Of Staff President

නිහාල් රණසිංහ මහතා මීට පෙර ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කර ඇත.

මේ අතර, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා 'සජිත් පිල' හා එක්වනු ඇති බවට වාර්තා පලවනවා.

මේ අතර, තමන් ඉදිරියේ දී සමගි ජන බලවේගය හා එක්ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන බවයි මහාචාර්ය ජී. එල්. පීරිස් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ.

ඔහු මේ බව තහවුරු කර සිටියේ, ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ්ඥ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව, පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින්.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ, අතිශයින් ම භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව 'ජනතාව ආරක්ෂා කරගැනීම' සිය අපේක්ෂාව බවයි.