ලංකාවේ කාන්තාවන්ගේ නයිටිය නැතිකරයි..නිවසක කුස්සියත් නැති කිරීමට තීරණයක්..නයිටිය ඇදගෙන උයන්නත් තහනම්.(VIDEO)
ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ නිවාස සඳහා මුළුතැන්ගෙයක් අවශ්‍ය නොවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.
නිවසක කුස්සියේ ආහාර පිසීමක් සිදු නොවන ඇති බවද පැවසු ඔහු ඉදිරි නිවාස සැලසුම් වලින් කුස්සිය ඉවත් කරන බවයි අවධාරණය කළේ.
ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමින් හෙතෙම කියා සිටියේ, ආහාර පිසීමේ කටයුත්ත නිවෙසින් පිටතට ලබා දිය යුතු බවයි.
ඒ සඳහා ඉදිරි මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දෙන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියා.
මේ අතර බොහෝ කාන්තාවන් විසින් නයිටිය භාවිතා කරමින් ආහාර පිසින යුගයත් අවසන් කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
මීට අදාල විස්තර ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න.