ලබන සතිය ගැන සෞඛ්‍ය අංශයන් ගෙන් විශේෂ දැනුම් දීමක්. (VIDEO)
Sri Lanka
Upul rohana
Hemantha herath
By Aruna
රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා අසාදිතයින් මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එසේම, සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ, ඉදිරි සතියේ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි.
මේ වනවිට බිම් මට්ටමෙන් වැඩි වශයෙන් කොරෝනා අසාදිතයින් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
මේ නිසා ජනතාව ඒ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ.
ජනතාව ඉදිරි දින කිහිපය තුළ සංචරණය සීමා කරමින් වගකීමෙන් යුක්තව කටයුතු කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |