භූමිතෙල් මතුවූ ළිඳ ගැන එළියට ආ ආන්දෝලනාත්මක පුවත..

Sri Lanka Police Mullaitivu Sri Lanka Police Investigation LTTE Leader
By Sewvandhi Jan 08, 2024 02:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (07) මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ උඩයාර්කට්ටු කුරවිල් ගම්මානයේ ළිඳකින් භූමිතෙල් මිශ්‍ර ජලය හමුවී ඇති බවට වාර්තා වුණා.

පැවැති වර්ෂාවත් සමග අ‍ැතිවූ ජල ගැලීම් හේතුවෙන් මෙම ඉඩමේ හිමිකරු අ‍ැතුළු පිරිසක් අපිරිසිදුවූ ළිඳේ ජලය ඉවත්කර ළිඳ පවිත්‍ර කිරීම ආරම්භ කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ, භූමිතෙල් වැනි ද්‍රාවණයක් ළිං ජලය සමග මිශ්‍ර වී ඇති බවටයි.කඩදාසියක් ගෙන එම ළිං ජල බාල්දියක ගිල්වා පත්තු කළ විට එය පිළිස්සී යන අයුරු දැකගත හැකිවිය.

මේ තත්ත්වය පිළිබඳව නිවසේ හිමිකරුවන් විසින් ග්‍රාම සේවා නිලධාරීවරයා මාර්ගයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර පසුව පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ළිඳ පරික්ෂා කර තිබේ.පොලීසිය විසින් භූමිතෙල් මිශ්‍ර ජලය ඇති බවට පැවසෙන ළිඳෙන් ජල සාම්පලයක් ලබාගෙන තිබුණි.

සැක පල කරන්නේ,මෙම ඉඩම් සහිත ප්‍රදේශයේ පසුගිය යුද සමයේ එල්.ටි.ටී.ඊ සංවිධානයේ කඳවුරක් පැවති බවට අනාවරණය වන බවත් අ‍ාරක්ෂක අංශ ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් විසින් ඔවුන් සතු ඉන්ධන සැඟවීම සඳහා වළදමා සඟවන ලද ඉන්ධන ටැංකියක ඉන්ධන කාන්දු වී මෙලෙස ළිඳේ ජලයට මිශ්‍රව ඇති බවටයි.

Sponsored By Sarrita Jewellery

භූමිතෙල් මතුවූ ළිඳ ගැන එළියට ආ ආන්දෝලනාත්මක පුවත.. | News Of The Oil Well Mulathiw

ReeCha