ඉතිහාසගතවූ පොලිස් නිලධාරිනිය..සියලු විස්තර මෙන්න..

OIC GAMPAHA S.I.M.KANCHANA NALLA POLICE STATION
By Sewvandhi Nov 11, 2021 03:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය අද (11) වැඩ භාරගැනීමට නියමිතයි.

ඒ අද (11) විවෘත වන ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙසසි. මෙම පොලිස් ස්ථානය මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහත අතින් අද (11) පස්වරු 4.00ට විවෘත කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඇය එම ධූරයේ රාජකාරී භාරගනු ඇති.

කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට 1997 වසරේදී එක්වූ කාංචනා සමරකෝන් මහත්මිය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර තිබෙනවා.

කාංචනා සමරකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලීසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන අතර ඇය දෙදරු මවක්. හෙම්මාතගම ප්‍රදේශයේ උපන් ඇය කෑගලු බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වනවා.

මීට පෙර කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක් පත්ව ඇත්තේ මීට වසර 24කට පෙර එනම් 1997 වසරේදී වන අතර ඒ යක්කලමුල්ල පොලිස් ස්ථානයේ කටයුතු කළ පද්මිණි මහත්මියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha