එන්නත්කරණය ගැන නවතම අධ්‍යයනයකින් තහවුරු වූ දේ..?

By Sithumi Oct 11, 2021 10:54 AM GMT
Sithumi

Sithumi

Report

ඉහළ ක්‍රියාකාරීත්වයක් සහ වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ඇතුලු කොරෝනා වෛරස් ආසාදනයෙන් දැඩි රෝගී තත්වයට පත්වීම, එන්නත්කරණය මගින් කාර්යක්ෂම ලෙස වළක්වන බව නව අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.

ප්‍රංශයේ සිදුකළ එම අධ්‍යයනය සඳහා වයස අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයන් මිලියන 22 ක දත්ත විශ්ලේෂණය කර ඇති බවයි ප්‍රංශ පුවත් සේවය ප්‍රකාශ කළේ.

ඉන් මිලියන 11 ක් එන්නත් ලැබූ පුද්ගලයන් වන අතර, තවත් මිලියන 11 ක් එන්නත් නොලැබූ අයයි. එහිදී අනාවරණ වී ඇත්තේ කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලැබූ පුද්ගලයන් රෝහල් ගතකිරීම හෝ මියයාම සියයට 90 කින් පමණ වළක්වන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායලයේ සිදුකළ අධ්‍යයනයන්ගෙන්ද එන්නත්කරණයේ ශක්‍යතාව තහවුරු වුවද ප්‍රංශයේ සිදුකර ඇත්තේ එවැනි විශාලතම පර්යේෂණාත්මක අධ්‍යයනයයි.

එහිදී වයස අවුරුදු 75 ඉක්මවූවන්ට කොරෝනා රෝගය උත්සන්නවීම හෝ මරුමුවට පත්වීම එන්නත්කරණයෙන් සියයට 84 කින් වළක්වන බවත්, අවුරුදු 50 ත් 75 ත් අතර අයට එලෙස රෝගය වැළැක්වීමේ ශක්‍යතාව සියයට 92 ක් බවත් අධ්‍යයනයෙන් හෙළිවී ඇති කරුණක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now