ලොව පුරා කොවිඩ් නව ප්‍රභේදයක් ව්‍යාප්ත වෙයි.
COVID-19
World
By Hashini
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
පිරෝලා නොහොත් BA.2.86 නමින් මෙම ප්‍රභේදය හඳුන්වා තිබෙනවා.
කොවිඩ් වෛරසයේ මාරන්තික ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා මෙය බෙහෙවින් විකෘති ප්‍රභේදයක් බවයි වාර්තා වෙන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකාව,බ්‍රිතාන්‍ය ,චීනය,ඊශ්‍රාලය, කැනඩාව,ඩෙන්මාර්කය,දකුණු අප්‍රිකාව,ස්වීඩනය,නොර්වේ,ස්විට්සර්ලන්තය සහ තායිලන්තය යන රටවල් වලින් මෙම ප්‍රභේදය හඳුනාගෙන ඇති බවයි.
පිරෝලා නව ප්‍රභේදය නැවතත් ලොව පුර ආසාදන වැඩි වීමක් ඇති කරනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා.
මෙහි රෝග ලක්ෂණ අතර උගුරේ අමාරුව, දියර ගැලීම හෝ නාසය අවහිර වීම,කැස්ස සහ හිසරදය පෙන්නුම් කරනු ලබයි.
