STF අලුත් මිෂන් ඔපරේෂන් එකක්...පාතාලේ සුන් වෙන්න දෙන්නයි හදන්නේ
By Akash
සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් 15ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.
මෙම කණ්ඩායම් විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි 18ක් පිළිබඳව විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.
2025 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති අතර, ඉන් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලිවල මැදිහත්වීමෙන් සිදුව ඇති බව මනතුංග මහතා 2025 මැයි 19 වන දින පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.