කොවිඩ් ආසාදිතව මියයන පිරිස ගැන නවතම අනාවරණයකින් හෙළිවූ දේ..?
කොවිඩ් ආසාදිත දරුවන් මියයෑමට ප්‍රධාන හේතුවක්වන්නේ ප්‍රමාද වී රෝහලට පැමිණීම බව ළමා රෝග හා මරණ පිළිබඳ ජාතික වැඩසටහනේ කළමණාකරු, ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසයි.
මේ වනවිට දරුවන් 53,000කට කොවිඩ් වෛරසය වැලඳී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තාකර තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරුණි.
"වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව මේ වනවිට දරුවන් 53,000කට කොවිඩ් රෝගය වැලඳිලා තියෙනවා. මේ වසර දෙක තුළ අවාසනාවන්ත ලෙස ඉන් දරුවන් 64 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ වාර්තා අනුව. දෙන්නෙක් මියගියේ 2020දී. අනෙක් දරුවන් 62කම මියගියේ මේ වසරෙදි. මේ මියගිය දරුවන්ගෙන් 31ක් අවුරුදු 1ට අඩු අය. බිළිඳන් 16ක් ඒ අතර ඉන්නවා. අවුරුදු 1ත් 5ත් අතර දරුවන් 14ක්, අවුරුදු 6ත් 12ත් අතර දරුවන් 12 දෙනෙක්, අවුරුදු 13ත් 18ත් අතර දරුවන් 07 දෙනෙක් ඉන්නවා. මේ මියගිය දරුවන් 64න් 33 දෙනෙකුටම සංකූලතා තිබිලා තියෙනවා. මේ මියගිය 64 දෙනාම ගෙවල්වල හිටපු ළමයි. ඒ ළමයි සමාජගත වෙලා නෑ. මේ මරණ විශ්ලේෂණය කිරීමේදී අපි දැනගත්ත ප්‍රධාන දේ තමයි රෝහලට ප්‍රමාද වී පැමිණීම තමයි මරණවලට හේතුව."
------------------------------------------------------------
කොවිඩ් සුවවුණු අයෙක් ව්‍යායාම කලාම සිදුවන දේ - භයානක වීඩියෝව-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |