ජනපති සමඟ සාකච්ඡාවකින් පසු මහින්ද අලුත් පක්ෂයක් හදයි?..

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ තීරණයට පිටුපාන මන්ත්‍රිවරු නව දෙනකු රනිල් වික්‍රමසිංහ ජනපති ධුරය දරන ආණ්ඩුවේ ඇමැති ධුර ගත්තේ සති කිහිපයකට පෙරාතුවයි.

එම සිද්ධියට ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය පවා අහිමි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැන් උද්ගත වී ඇත්තේ එකිනෙකා ඇණකොටා ගන්නා තත්ත්වයකි.

ඇමැති ධුර ගත් මන්ත්‍රිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිය දේශපාලන ගමන නතර කළේ නැත.

ඉදිරියේදී නව පක්ෂයක් බිහි කිරීමට ද ඔවුන් සැලසුම් කර ඇත.

එය මෙහෙයවන්නේ මහින්ද අමරවීර ඇමැතිවරයාය.

කෙසේ වෙතත් සිය ඉදිරි දේශපාලන ගමන් මග සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග මෙම ඇමැතිවරු විශේෂ සාකච්ඡාවක් පැවැත් වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now