ඩොනල්ඩ් ට්‍රම්ප් ආයෙත් යකා නටයි - ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන තුනකට ෂොට් එක - ලෝකයට ඇත්ත හෙළි කරන මාධ්‍යට කරපු වැඩක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව ප්‍රමුඛතම මාධ්‍ය ආයතන තුනක් වන CNN, MS NOW සහ Politico යන ආයතනවලට ධවල මන්දිරයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයා තම 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් චෝදනා කළේ තම පාලන සමය පිළිබඳව අදාළ මාධ්‍ය ආයතන අසත්‍ය සහ ප්‍රබන්ධ වාර්තා නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කරන බවට චෝදනා කරමින් මෙම තීරණය නිවේදනය කළේය.
නමුත් මෙතෙක් නිශ්චිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු පියවර ගෙන නොමැති අතර මෙම තහනම් නියෝගය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙන්ම එම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම වළක්වන්නේද යන්න පිළිබඳවද මෙතෙක් පැහැදිලි තොරතුරක් වාර්තා වී නොමැත.
මෙය අමෙරිකානු මාධ්‍ය නිදහසට එල්ල වූ නීති විරෝධී ප්‍රහාරයක් බව ට්‍රම්ප්ගේ මෙම තීරණය හෙළා දකිමින් CNN නාලිකාව නිවේදනය කළේය.
තමන් සැමවිටම ධවල මන්දිර මාධ්‍ය කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින බවත්, ඔවුන්ගේ සාධාරණ සහ නිවැරදි වාර්තාකරණය සම්පූර්ණයෙන්ම අනුමත කරන බවත් එම නාලිකාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.