වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර - මේ රාජ්‍ය අංශයෙන් රජයට රතු එළියක්

Report

ඊයේ (18) මාධ්‍යම රාත්‍රියෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කර ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්ත සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරින් ඉවත් කිරීමට බලධාරීන් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බවය.

ඊයේ දින (18) වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයේ නිරත වුවද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවට වාර්තා වේ. ඒ අනුව ජනතාව වෙනුවෙන් වර්ජනය ප්‍රතික්ෂේප කරමින් සේවයේ නිරත වන දුම්රිය සේවකයින්ට හා නිලධාරීන්ට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ස්තූතිය පළ කර ඇත.