නවක හෙද නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හෙට..
Dinesh Gunawardena
Sri Lanka
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
By Hashini
නවක හෙද හෙදියන් 2519කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (17) සිදු කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ 2018 වසරේ බඳවා ගත සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණු වීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පුර්ණ කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනෙකු මෙහිදී පත්වීම් ලැබීමට නියමිත බවයි.
දිවයින පුරා හෙද නිළධාරීන් 42,000කට අධික ප්‍රමාණයක් සේවය කරනු ලබයි.
මෙම බඳවා ගැනීමත් සමඟ මෙරට හෙද හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යාමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
.........................
