සුභම සුභ ආරංචියක්..කොරෝනා මර්දනයට නව ඖෂධයක්.! මේ කතාව ඇත්තද..? මේ ගැන විවිධ මත සලකමු..
සත්ත්වයින්ට වැළඳෙන රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා 'අයිටර් මැක්ටීන්' ඖෂධය කොරෝනා මර්දනය කිරීම සදහා යොදාගත හැකි බව, පශූ සායනික විද්‍යා මහාචාර්ය පශූ වෛද්‍ය අශෝක දන්ගොල්ල පවසනවා.
එමෙන්ම, දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේ ද යන්න පිළිබඳ ව තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි. මේ අතර කොවැක්ස් වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ යුනිසෙෆ් සංවිධානය සහ ජපන් තානාපති කාර්යාලය එක් ව මෙරට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
කොරෝනා එන්නත්කරණයේ වැදගත්කම මෙරට සෞඛ්‍ය බලධාරින් මෙන්ම ලෝක සෞඛය සංවිධානය කිහිපවිටක් ම අවධාරණය කළා. එන්නත්කරණයෙන් මව්වරුන්ට සිය දරුවන්ගේ රැකවරණය සැලසිමේ හැකියාවක් පවතින බවට ඇමරිකාවේ ෆ්ලොරිඩා සරසවියේ විද්‍යාඥයින් සිදු කළ පර්යේෂණයකින් හෙළි වි තිබෙනවා.
ඒ, පුර්ණ එන්නත්කරණය ලැබු මව්වරුන්ගේ මව්කිරිවල කොරෝනා වෛරසයට එරෙහි ව සටන් වදින ප්‍රතිදේහ සැලකිය යුතු ප්‍රමාණයක් පවතින බව අනාවරණය කර ගැනිමෙන්. අලුත උපන් ළදරුවන්ට වෛරසය එරෙහි ව සටන් වැදිම දුෂ්කර වුවත් එන්නත්කරණය ලැබු මව්වරුන්ගේ මව්කිරිවලින් ලැබෙන ප්‍රතිදේහ ඔවුන්ට ඒ සඳහා උපකාරි වනු ඇති.
එමෙන්ම ඇතැම් මාධ්‍යවල ඉහත සඳහන් කර ඇති බෙහෙත සම්බන්ධයෙන් පරස්පර තාවයක් පෙන්නුම් කරනවා..එනම් ඉහත සඳහන් කර ඇති පරිදි සත්වයන් සඳහා යොදා ගන්නා බෙහෙත් මිනිස් භාවිතය සඳහා සුදුසු නොවන බවට විවිධ කාණ්ඩ අදහස් දක්වා තිබෙනවා..
එම අදහස් පහතින්...
බල්ලන්ට සහ අශ්වයන්ට ලබාදෙන පණු බෙහෙතක් කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා සුදුසුයැයි පවසමින් මෙරට එක්තරා වෙබ් අඩවියක පළ වූ පුවත අසත්‍යයක් බවත් එම බෙහෙත් පානය නොකරන ලෙසත් වෛද්‍යවරු ඉල්ලා සිටිති. මෙරට ප්‍රකට වෙබ් අඩවියක එම පුවත පළකර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්යවරයකු එය පැවසූ බව සඳහන් කරමිනි. නමුත් එම මහාචාර්ය වරයා එවැනි කරුණක් සඳහන් කර නැත.
බල්ලන්ට සහ අශ්වයන්ට පණු රෝග සඳහා ලබාදෙන මෙම ඖෂධය ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක වසර ගණනාවක සිට භාවිතා කරන්නකි. රුපියල් 100.00ක් වැනි මුදලකට අළෙවි වන මෙම පෙත්ත මෙරට මීට පෙර අළෙවි වූයේ 1000ක් පමණ බවත් මේ වනවිට ඒ සඳහා ඇති ඉල්ලුම මාසයකට 30,000ක් පමණ වී ඇති බවත් ඖෂධවේදීන් පවසයි.
ඔවුන් සඳහන් කරන්නේ වෙබ් අඩවියක් මගින් ලබාදුන් ව්‍යාජ පුවත හේතුවෙන් මෙම ඖෂධය සඳහා ඉල්ලුමක් ඇතිවී තිබෙන බවයි. එම වෙබ් අඩවියේ පවසා තිබුණේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු වූ මෙම පෙති තුනක් එක් දිනකට ගැනීමෙන් රෝගය සුවපත් වන බවත් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කිරීමේ ප්‍රවණතාවය ස්ථිර වශයෙන්ම අඩුවන බවත් ඇමරිකාවේ විශේෂඥයන් විසින් පර්යේෂණ කර සොයාගෙන ඇතැයි යනුවෙනි.
ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ කළමනාකරණ ආයතනය හෙවත් Food and Drug Administration (FDA) මෙම පුවත ගැන පසුගිය අගෝස්තු 21 වැනි දා පහත දැක්වෙන පරිදි twitter පණිවිඩයක් ද නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ “ ඔබ අශ්වයෙක් , එළදෙනක් නෙවෙයි. සීරියස්ලි. නවත්තපල්ලා ඕක.” යනුවෙනි.
කෙසේ වෙතත් මෙරට සිංහල භාෂාවෙන් තොරතුරු සපයන වෙබ් අඩවිය මේ ඖෂධය ලබාගන්න එපා යැයි කියූ කරුණක් ලබාගත යුතු බවට වැරදි අර්ථයක් ලැබෙන පරිදි පරිවර්ථනය කරමින් පළ කළා ද යන්න අප දන්නේ නැත. මෙම ඖෂධය මිනිසුන් විසින් භාවිතා කිරීම සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ කළමනාකරණ ආයතනය මෙලෙස ලිපියක් ද පළකර තිබිණි.
එමෙන්ම අශ්වයන්ට, බල්ලන්ට හා හරකුන්ට ලබාදෙන මේ ඖෂධය භාවිතා කිරීමට අවසර ඇත්තේ සායනික පරීක්ෂණ සඳහා පමණක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ. එම ලිපියේ සඳහන් කර ඇත්තේ මෙය කොරෝනා සඳහා සුදුසු යැයි ඇතැමුන්ගේ මතයක් තිබූ බැවින් සායනික පරීක්ෂණයක් සඳහා අවසර දුන් බවයි.
මේ වනවිට එම ඖෂධය මිනිසුන් සඳහා සුදුසු නැතැයි සෞඛ්‍ය විශේෂඥයන් විසින් දැනුම් දී තිබේ. ඒබව සඳහන් කරමින් ලොව පුරා බොහෝ මාධ්‍ය ආයතන ලිපි පළකර තිබුණ ද අපේ රටේ එවැනි දැනුම්වත් කිරීමක් කර නැත.
කෙසේ වෙතත් සායනික පරීක්ෂණයකින් තොරව සහතික කර නොමැති බෙහෙත් මෙන්ම වෛද්‍ය අධීක්ෂණයකින් තොරව කොවිඩ් රෝගය සදහා බෙහෙත් වර්ග ලබා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමු...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |