හිටපු ජනපතිනියට අලුත් නායකත්ව ධුරයක්.
By Wayomi
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කර තිබෙනවා.
පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (06) පැවති එහි විධායක සභා රැස්වීමේදී මේ තීරණය ගත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීමට නියමිත අතර පොදුජන පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වනු ඇති.
ඒ, අනුව පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට ද තීරණය කළ බවයි තිසර ගුණසිංහ වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම පක්ෂයේ ලේකම් ධුරයට නව පුද්ගලයෙකු පත් කෙරෙනු ඇති.