දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඉදිරිපත් කරනු ලැබූ කොවිඩ් මාර්ගෝපදේශ මාලාවේ සංශෝධනයක්
අද දිනයේ සිට ලබන 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහත පරිදි වනවා.
01.මෙම කාල සීමාව තුලදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සහ ඖෂධ ආදිය මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ එක් පුද්ගලයෙකුට පමණයි.
02.මිට අමතරව සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන සති 02ක කාලයක් සඳහා වසා දැමීමට නියෝග කර ඇත. එමෙන්ම සියලු පෙර පාසැල්, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇත.
03.සියලුම ප්‍රිය සම්භාෂණ සහ විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කර ඇත. එමෙන්ම ආගමික ස්ථාන තුළ සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් සඳහා අවසර නොමැත.
04.ඇවිදිනි මංතීරු භාවිත කිරීමේදී සාමුහිකව නොව තනි තනි වශයෙන් භාවිතා කිරීමට අවසර හිමිවේ. එමෙන්ම අද දිනයේ සිට සියලුම සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාදා, විනෝද සැණකෙළි, පිහිනුම් තටාක, වසා දැමිය යුතුය.
05.ආපනශාලා තුළ එකවර ආහාර ගැනීමට අවසර හිමිවන්නේ 50%ක ධාරිතාවයෙන් යුතු පිරිසකට වන අතර හෝටල්, තානායම් සහ කාමර කුලියට ලබාදීමේ ස්ථාන 25% ක ධාරිතාවයකින් යුක්තව පමණක් පවත්වාගෙන යාමට අවසර හිමිවේ.
06.පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් රැගෙන යාම සිදුකර යුතු වන අතර අන්තර් පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන්නේ අත්‍යාවශ්‍ය සේවාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට පමණයි.
07.පෞද්ගලික කුලී මගී රථ සේවා භාවිතා කිරීමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය. එමෙන්ම පෞද්ගලික වාහනවල ගමන් බිමන් යාමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය.
08.සියලු සාප්පු සංකීර්ණ අද සිට වසා දැමිය යුතුය. මීට පෙර ඉදිරිපත් කරනු ලැබූ මාර්ගෝපදේශ මාලාවේ සාප්පු සංකීර්ණ වසා දමන ලෙස නියෝග කර තිබුණද නව සංශෝධනයේ සාප්පු සංකීර්ණ විවෘත කිරීමට අවසර දී ඇති අතර එහි සිටිය හැක්කේ 25% ධාරිතාවකින් යුත් පිරිසක් පමණි..
එම නව සංශෝධනය පහතින්....
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



