මෙරට ප්‍රබල විය හැකි තවත් covid ප්‍රභේදයක් පිළිබඳව විශේෂ අනාවරණයක්

sri lanka Medical sudarshani fernado pulle
By Sithumi Jun 25, 2021 01:15 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වියහැකි බවට වෛද්‍යවරුන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පියවර නොගතහොත් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇති බවය.

"විශේෂයෙන්ම මේ වෛරස් ප්‍රභේද ගැන පර්යේෂණ සිදුකරන විශේෂඥයින් අනතුරු අඟවලා තියෙනවා ආරක්ෂිත පියවර නොගත්තොත් තව සති 8ක් 10ක් යනකොට රටේ ප්‍රධාන වෛරස් ප්‍රභේදය බවට මේ ඩෙල්ටා ප්‍රභේදය පත්වෙයි කියලා."