නව කොරෝනා ප්‍රභේද ඇතිවීමේ අවදානමක්

By Gagana Dec 05, 2021 05:27 AM GMT
Gagana

Gagana

Report

මිනිසුන් වෙතින් කොරෝනා ආසාදනය වන සත්වයන් හරහා නව කොරෝනා වෛරස් ප්‍රභේද නිර්මාණය විය හැකි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඇමරිකානු පශු වෛද්‍ය සහ ජෛව විද්‍යා ආයතනය සිදුකළ මෙම අධ්‍යයනයේදී බල්ලන්, බළලුන්, මුගටියන් සහ හෙම්ස්ටර් මීයන්ට මිනිසුන් වෙතින් කොරෝනා වෛරසය ආසාදනය වූ අවස්ථාවන් විශ්ලේෂණය කර ඇති බව සඳහන්.

එහිදි එම සත්වයන් වෙතින් මතුවන කොරෝනා ප්‍රභේද විශ්ලේෂණයේදී අනාවරණ වී ඇත්තේ නව ප්‍රභේද ඇතිවීමේ ඉහළ අවස්ථාවක් පවතින බවයි.

කොරෝනා වෛරසයේ විශේෂ ඇතිවීමේ පරාසය ඉහළ මට්ටමක පැවතීමද ඊට හේතුවක්.

මිනිසා වෙතින් බොහෝ සතුන්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින අතර, එහිදී සත්වයන් හරහා විවිධ ප්‍රභේද මතුවිය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.

මිනිසා වෙතින් සියලු වර්ගයේ කොරෝනා වෛරස ප්‍රභේද ආසාදනය විය හැකි නමුදු බළලුන් වෙතින් මිනිසාට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවස්ථා මෙතෙක් අනාවරණ වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW