කවුරුත් නොදත් රටේ සැබෑම තත්ත්වය මෙන්න - GMOA මුල්වරට හෙළි කරයි.

Sri lanka GMOA covid situation in sri lanka Delta varients
By Sithumi Aug 19, 2021 11:22 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් වසංගතය තුළත් මෙවැනි භයංකර අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ඇතිව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

එම සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ මෙරට තුළ මේ වන විට වාර්තා වන කොවිඩ් මරණ සිදුවන්නේ නියුමෝනියාව නිසා බවයි.මේ තත්ත්වයත් සමග සෑම දෙනෙක්ම බලාපොරොත්තුවන්නේ මේ අවස්ථාවේදී රට වන්න, සංචරණ සීමා පනවන්න, කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහ රජය ගත යුතු පියවර කඩිනම්ව ගත යුතුයි කියලා. 

මේ තරම් භයංකර අවස්තාවක් මෑත ඉතිහාසයේ, ඒ වගේම කොවිඩ් වසංගත කාලසීමාව තුළ ඇති වෙලා නෑ. මේ තමයි අති භයංකරම අවස්ථාව. මේ වන විට ඉදිරිපත් කරන්නේ කොවිඩ් නියුමෝනියාවෙන් සිදුවන මරණ පමණයි. කොවිඩ් එක්ක සිදුවෙලා තියෙන සියලුම මරණ ගත්තොත් මීට වැඩිය ඉහළ යන්න පුළුවන්. 

දැනට 200කට ආසන්න සංඛ්‍යාවක් මිය යනවා. අයි.සී.යූ. බෙඩ් එකක් හොයා ගන්න බෑ. රෝහල්වල ධාරිතාව ඉක්මවා යනවා. රෝගීන් බෝහෝමයක් නිවෙස් තුළ ඉන්නවා. කොවිඩ් වෛරසය හැසිරෙන ආකාරයට අපේ හැසිරීම වෙනස් විය යුතුයි. පළමු කොවිඩ් රැල්ල පාලනය කළ ආකාරයට මෙය හසුරවන්න යනවා. හැබැයි මෙහි හැසිරිම වෙනස් ඒක තේරුම් ගන්න ඕන.