වැලිගම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙක්
වැලිගම ප්‍රාදේශීස සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම එළඹෙන 28 වනදා සිදු කිරීමට තීරණය කර තිබේ.
එමෙන්ම ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් නිසි විමර්ශන කරන ලෙස ඉල්ලමින් පසුගිය දවසක නිලධාරීන් පිරිසක් එක්ව කළු පටි පැළඳ නිහඬ විරෝධතාවයක් දක්වා තිබුණි.
කෙසේ නමුත් වැලිගම සභාපතිගේ මරණ සහතිකය ගෙන තහවුරු කරගැනීමෙන් අනතුරුව නව සභාපතිවරයෙක් තේරීමට කටයුතු සූදානම් කර තිබුණි.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව ඉකුත් ඔක්තෝබර් 22 වනදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණි.