ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන අයට මහ බැංකුවෙන් ආපු අලුත්ම රිපෝට් එක මෙන්න
මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවීමට ඇති සමස්ත හිඟ මුදල 2026 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 194ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එය පෙබරවාරි මාසයේ පැවති රුපියල් බිලියන 190 සමඟ සැසඳීමේදී රුපියල් බිලියන 3.4ක වැඩිවීමක් වේ. එසේම 2025 දෙසැම්බර් අවසානයේ සිට මේ දක්වා එම අගය රුපියල් බිලියන 4.4කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර, 2026 මාර්තු මාසය වන විට මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,215,853ක් ලෙස සටහන්ව ඇත. එය පෙබරවාරි මාසයේ පැවති 2,193,380 සමඟ සැසඳීමේදී අලුතින් කාඩ්පත් 22,473ක් නිකුත් කර ඇති බව පෙන්නුම් කරයි.
දේශීයව පමණක් පිළිගන්නා ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව පෙබරවාරියේ පැවති 8,780 සිට මාර්තු වන විට 8,601ක් දක්වා කාඩ්පත් 179කින් අඩුවී ඇත.
කෙසේවෙතත්, ගෝලීයව පිළිගන්නා ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,184,600 සිට 2,207,252 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
එසේම, 2026 ජනවාරි සිට මාර්තු දක්වා වූ මුල් මාස තුන තුළ අලුතින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 49,667ක් ලෙස වාර්තා වී තිබේ.