වෙසක් දන්සැල්වලට සෞඛ්‍ය අංශයෙන් නව නීතියක්
By Aylin Zoya
වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරන සියලුම දන්සැල් අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
ඔහු සඳහන් කළේ, අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙම ලියාපදිංචි කිරීම සිදු කළ හැකි බවයි.
දන්සැල් සංවිධායකයින් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගෙන ලියාපදිංචි කිරීම සිදුකරගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ජනතාවට සුරක්ෂිත, පිරිසිදු සහ ගුණාත්මක ආහාර ලබාදීමේ අරමුණින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.