කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර ව්‍යාපෘතියක් අරඹයි

Report

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය පිළිබඳ ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ව්‍යාපෘතියකට යාපනය විශ්වවිද්‍යාලය එක් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, යාපනය විශ්වවිද්‍යාලයට එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය ඇතුළු විදේශීය ආයතන 11ක් සමඟ වසර හතරක කාලයක් සඳහා ගිවිසුමකට එළඹීමට අවසර ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා රැකවරණ පර්යේෂණ ජාතික ආයතනය විසින් රුපියල් මිලියන 173.92ක අරමුදල් ලබා දීමට නියමිතය.

කාසල් රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවතෙහි ඇත්ත නැත්ත ගැන රෝහලෙන් හෙළිදරව්වක්

කාසල් රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවතෙහි ඇත්ත නැත්ත ගැන රෝහලෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි හිංසනයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

එමෙන්ම, හිංසනයට සම්බන්ධ සෞඛ්‍ය ගැටලු තක්සේරු කිරීම, එහි ආර්ථික හා සමාජීය බලපෑම් විමර්ශනය කිරීම සහ ඵලදායී වැළැක්වීමේ ක්‍රියාමාර්ග හඳුනා ගැනීම ද මෙහිදී සිදු කෙරේ.

ප්‍රජා සහභාගීත්වය වැඩිදියුණු කිරීම, දිවි ගලවාගත් පුද්ගලයින්ගේ අත්දැකීම් සෞඛ්‍ය පද්ධතියට එක් කිරීම සහ වෘත්තිකයන්ගේ පුහුණුව හා ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතිය හරහා අපේක්ෂා කෙරේ.

මෙම ජාත්‍යන්තර සහයෝගීතාවය මගින් කාන්තාවන් හා ළමයින්ට එරෙහි හිංසනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රයත්නයන්ට වැදගත් දායකත්වයක් ලැබෙනු ඇති බව අපේක්ෂා කෙරේ.  

වෙසක් දන්සැල්වලට සෞඛ්‍ය අංශයෙන් නව නීතියක්

වෙසක් දන්සැල්වලට සෞඛ්‍ය අංශයෙන් නව නීතියක්

රාජ්‍ය ආයතනවලින් ප්ලාස්ටික් වතුර බෝතල් අතුගා දමන දැවැන්ත තීන්දුවක්

රාජ්‍ය ආයතනවලින් ප්ලාස්ටික් වතුර බෝතල් අතුගා දමන දැවැන්ත තීන්දුවක්

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට