කිරි ගොවීන්ට ජපානයෙන් ලොකු උදව්වක්

Report

වියළි කලාපයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම ව්‍යාපෘතිය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය මගින් ලබාදෙන රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රදානයක් යටතේ වසර 03ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

"මාසෙකට රු.16,690ක් ඇති" - මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

"මාසෙකට රු.16,690ක් ඇති" - මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දිනකට කිරි ලීටර් 20 සිට 100 දක්වා නිෂ්පාදනය කරන කිරි ගොවි ව්‍යවසායකයින් සඳහා පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන් සැපයීම, නව තාක්ෂණික ක්‍රම හඳුන්වාදීම, තෘණ නිෂ්පාදනය හා සැපයුම ශක්තිමත් කිරීම සහ සෞඛ්‍යාරක්ෂිත කිරි නිෂ්පාදනය හා පරිභෝජනය වැඩිදියුණු කිරීම අරමුණු කර ඇත.

කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර ව්‍යාපෘතියක් අරඹයි

කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර ව්‍යාපෘතියක් අරඹයි

ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පළාත් හතරෙන් එක් පළාතක දිස්ත්‍රික්ක දෙක බැගින් තෝරා ගනු ලබන අතර, එම දිස්ත්‍රික්කවල පශු වෛද්‍ය කොට්ඨාස තුන බැගින් තෝරා ගැනීමට නියමිතය. ඒ අනුව, එක් එක් කොට්ඨාසයක ආදර්ශ ගොවිපොළ තුන බැගින් ස්ථාපිත කරමින් පළාත් හතර තුළ ආදර්ශ ගොවිපොළ 24ක් පිහිටුවීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවද වාර්තා වේ. 

රාජ්‍ය ආයතනවලින් ප්ලාස්ටික් වතුර බෝතල් අතුගා දමන දැවැන්ත තීන්දුවක්

රාජ්‍ය ආයතනවලින් ප්ලාස්ටික් වතුර බෝතල් අතුගා දමන දැවැන්ත තීන්දුවක්