බීමතින් බස් පැදවූ රියදුරන් 8ක් සහ කොන්දොස්තරවරයෙකු කොටු

Report

මගී ප්‍රවාහන බස් රථ සේවයේ යෙදී සිටියදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට අනාවරණය වූ රියැදුරන් 08 දෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත .

ඊයේ (19) කලුතර දකුණ පොලිස් ස්ථානය නිලධාරීන් විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

කළුතර දකුණ පොලිස් වසමේදී පැවැති මෙම මෙහෙයුමේදී මගී ප්‍රවාහන බස් රථවල සේවයේ නිරත රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂාවට ලක්කර ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සේවයේ යෙදී සිටි බවට සැක කෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

කාසල් රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවතෙහි ඇත්ත නැත්ත ගැන රෝහලෙන් හෙළිදරව්වක්

කාසල් රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවතෙහි ඇත්ත නැත්ත ගැන රෝහලෙන් හෙළිදරව්වක්

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් වයස අවුරුදු 35ත් 57ත් අතර වන අතර, පයාගල, යටියන, දොඩම්ගොඩ, තෙබුවන, මීගහතැන්න සහ කළුතර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර දකුණ පොලීසිය විසින් සිදු කරනු ලබයි