කොළොන්න පුදුම කරමින් ලේ පැල්ලම් සහිතව මියගිය අයෙකුගේ සිරුරක්
කොළොන්න, රෝහල් පාරේ පාළු නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළොන්න පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 47ක් වූ කොළොන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය සදහන් කරන්නේ මෘත ශරීරයේ හිස ආසන්නයේ රුධිර පැල්ලම් නිරීක්ෂණය වන අතර, පාදයේ කැපුම් තුවාලයක් බවට සැක සහිත තුවාලයක් ද නිරීක්ෂණය වූ බවයි .
මරණකරු සිය බිරිඳගෙන් වෙන්ව තනිවම ජීවත්ව ඇති අතර මැයි 18 වන දින සවස සිය සහෝදරියගේ නිවසේ සිට මෙම පාළු නිවස වෙත පැමිණ තිබුණි.
ඔහු බොහෝ අවස්ථාවල මෙම නිවසේ රැඳී සිට ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ මෙම මරණය සැකකටයුතු බැවින් කොළොන්න පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .