හරක් ප්‍රවාහනය කළ ලොරියට පොලීසියෙන් වෙඩි

Report

නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට හුංගම, කට්ටකඩුව ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර ඇත .

ලොරි රථයකින් නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරන බවට හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අද (20) උදෑසන කට්ටකඩුව ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා තිබූ බව වාර්තා වේ .

කෙසේ වෙතත් අදාළ ලොරි රථය එම මාර්ග බාධකය නොතකා පළාගොස් තිබේ.

කොළොන්න පුදුම කරමින් ලේ පැල්ලම් සහිතව මියගිය අයෙකුගේ සිරුරක්

කොළොන්න පුදුම කරමින් ලේ පැල්ලම් සහිතව මියගිය අයෙකුගේ සිරුරක්

ඒ අනුව පොලිසිය විසින් ලොරි රථය ලුහුබැඳගොස් නවත්වා ගැනීමට උත්සාහ කළ ද නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඊට වෙඩි තබා නතර කර ඇති බව පොලීසිය සදහන් කර තිබේ .

එහිදී ලොරි රථයේ සිටි සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ලෝක ආර්ථිකයට වෙන්න යන දේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනාවරණයක්

ලෝක ආර්ථිකයට වෙන්න යන දේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනාවරණයක්