මඟීන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කල රියදුරන් කොටු කරගත් කළුතර දකුණ පොලිසියේ විශේෂ මෙහෙයුම
By Aylin Zoya
කළුතර දකුණ පොලිසිය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන් සමඟ එක්ව, මගී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කර ඇත.
අඟහරුවාදා (19) දින සිදු කළ මෙම මෙහෙයුම, රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
පරීක්ෂා කිරීමේදී, මගී ප්‍රවාහන සේවාවල යෙදී සිටි බස් රථ රියදුරන් 8 දෙනෙකු සහ එක් කොන්දොස්තරවරයෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට අනාවරණය වී තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 35 ත් 57 ත් අතර පයාගල, යටියන, දොඩම්ගොඩ, තෙබුවන, මීගහතැන්න සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද වාර්තා වේ.
ඔවුන් අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් සිදුවෙමින් පවතින බව පොලිසිය සඳහන් කළේය.