ස්වීඩනය ගෝල 5-1කින් පරදා නෙදර්ලන්තය සිහින ජයක

Report

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ F කාණ්ඩයේ තරගයකදී ස්වීඩනය ගෝල 5-1ක් ලෙස පරාජය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත්විය.

තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කළ නෙදර්ලන්ත ක්‍රීඩකයින්, පස්වන විනාඩියේදී පළමු ගෝලය වාර්තා කරමින් පෙරමුණ ගැනීමට සමත් වූහ.

ඉන් අනතුරුව තරගයේ 17, 47, 54 සහ 89 වන විනාඩිවලදී තවත් ගෝල හතරක් ලබාගත් නෙදර්ලන්තය, ස්වීඩන කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළේය.

ස්වීඩනය වෙනුවෙන් එකම ගෝලය වාර්තා කළේ ඇන්තනි එලංගා වන අතර, ඔහු 59 වන විනාඩියේදී ගෝලයක් ලබාගනිමින් කණ්ඩායමේ ගෞරවය රැකගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ F කාණ්ඩයේ ප්‍රබල අභියෝගකරුවෙකු ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වී තිබේ.

අද ඔබේ ලග්නයට අනුව මුදල් ඉතිරි කරගන්න සහ ව්‍යාපාර දියුණු කරගන්න හොඳම වේලාව මෙන්න

අද ඔබේ ලග්නයට අනුව මුදල් ඉතිරි කරගන්න සහ ව්‍යාපාර දියුණු කරගන්න හොඳම වේලාව මෙන්න

රසිකයින් මවිත කරමින් සමන්තා ගැබිනියක් බව තහවුරු වෙයි - දරුවා ලැබෙන දිනයත් මෙන්න

රසිකයින් මවිත කරමින් සමන්තා ගැබිනියක් බව තහවුරු වෙයි - දරුවා ලැබෙන දිනයත් මෙන්න