රසිකයින් මවිත කරමින් සමන්තා ගැබිනියක් බව තහවුරු වෙයි - දරුවා ලැබෙන දිනයත් මෙන්න

Report

ජනප්‍රිය ඉන්දීය නිළි Samantha Ruth Prabhu මේ දිනවල ද්විත්ව සතුටක් අත්විඳිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇයගේ නවතම චිත්‍රපටය වන Maa Inti Bangaram සාර්ථක ලෙස ප්‍රදර්ශනය වීමත් සමඟම, ඇයගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්ද සතුටුදායක පුවතක් වාර්තා වී තිබේ.

චිත්‍රපටයේ සාර්ථකත්වය සැමරීම සඳහා පැවැති උත්සවයකදී සමන්තා ඇගේ සැමියා වන Raj Nidimoru සහ කණ්ඩායමේ සාමාජිකයින් සමඟ එක්ව සිටින අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගියේය. එම අවස්ථාවේදී ඇයගේ පෙනුම සම්බන්ධයෙන් රසිකයින් අතර ගැබ්ගැනීමක් පිළිබඳ සැක මතුව තිබුණි.

රසිකයින් මවිත කරමින් සමන්තා ගැබිනියක් බව තහවුරු වෙයි - දරුවා ලැබෙන දිනයත් මෙන්න | Samantha Raj Nidimoru Sparks Pregnancy Buzz

ලා නිල් පැහැති ටී-ෂර්ටයක් සහ ජීන්ස් කලිසමකින් සැරසී සිටි සමන්තා අසලම රැඳී සිටි රාජ් නිදිමෝරු, අවට සිටි විශාල ජනකාය මධ්‍යයේ ඇයගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවද දැකගත හැකි විය.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, සමන්තාගේ ප්‍රකාශකයා විසින් ඇය ගැබිනියක් බව තහවුරු කර ඇති අතර, දරුවා 2026 වසරේ දෙසැම්බර් මාසයේදී මෙලොව එළිය දැකීමට නියමිත බව සඳහන් වේ.

සමන්තා සහ චිත්‍රපට නිෂ්පාදක රාජ් නිදිමෝරු විවාහයට පෙර දීර්ඝ කාලයක් සම්බන්ධතාවයක නිරතව සිටි අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොයිම්බතූර්හි Isha Yoga Center පරිශ්‍රයේ පැවැති පෞද්ගලික ආගමික උත්සවයකදී විවාහ වූහ.

රසිකයින් මවිත කරමින් සමන්තා ගැබිනියක් බව තහවුරු වෙයි - දරුවා ලැබෙන දිනයත් මෙන්න | Samantha Raj Nidimoru Sparks Pregnancy Buzz

පවුලක් ආරම්භ කිරීමේ තම අපේක්ෂාව පිළිබඳව සමන්තා මීට පෙර අවස්ථා කිහිපයකදීම අදහස් පළ කර තිබූ අතර, ගැබ්ගැනීමේ පුවත තහවුරු වුවද, මේ වන තෙක් යුවළ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

මේ අතර, අධ්‍යක්ෂක B. V. Nandini Reddy විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මා ඉන්ටි බංගාරම්’ චිත්‍රපටය පසුගියදා සිනමාහල් වෙත නිකුත් වූ අතර, ප්‍රදර්ශනය ආරම්භ වූ පළමු දිනයේදීම සාර්ථක ආදායම් වාර්තා කිරීමට සමත් වූ බව වාර්තා වේ.