ජාතික ලේඛනාගාරයට පරිලෝකන යන්ත්‍රයක්

Report

නෙදර්ලන්තයේ ජාතික අධිලේඛනාගාරය විසින් ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය වෙත පරිත්‍යාග කළ පරිලෝකන යන්ත්‍රය නිල වශයෙන් භාර දීම ඊයේ (14) දිනයේ සිදු විය.

තවද මෙම උත්සවය පැවත්වුණේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබර් ද බූවර් (Weibe De Boer) මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ ජාතික ලේඛනාගාරයේ දීය.

මෙලෙස ප්‍රදානය කරන ලද්දේ i2S SupraScan A1 නම් ලෝකයේ දැනට භාවිත වන නවීනතම තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයකි.

ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මෙමගින් වටිනා ලේඛන රැසක් ඩිජිටීකරණය කිරීමට හැකි වන බවයි .

ආයෙත් රන්මිල වෙනස් වෙයි ගණන් උස්සන රත්තරන්

ආයෙත් රන්මිල වෙනස් වෙයි ගණන් උස්සන රත්තරන්

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් දැරියක් කපා කොටා ඝාතනය කරලා

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් දැරියක් කපා කොටා ඝාතනය කරලා