ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් දැරියක් කපා කොටා ඝාතනය කරලා

Report

දැරියෙකුට පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

ඒ ඊයේ (14) රාත්‍රියේදීය.මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ ගම්පොළ පොලිස් වසමේ මිල්ලගහමුල පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියක් බව අනාවරණය වී තිබේ.

මෙයට හේතුව විමර්ශනය කරන විට අනාවරණය වී ඇත්තේ, ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටය.

ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

7500කට රජයේ රැකියා - පඩි වැඩි කරනවා පාර්ලිමේන්තුවේදී කියයි

7500කට රජයේ රැකියා - පඩි වැඩි කරනවා පාර්ලිමේන්තුවේදී කියයි