අලුයම කම්පනය කළ නේපාලයේ භූමිකම්පාව

Earthquake Nepal
By Gagana News Feb 28, 2025 11:59 AM GMT
Gagana News

Gagana News

Report

නේපාලයේ Sindhupalchowk දිස්ත්‍රික්කයේ Bhairavkunda ප්‍රදේශයේ එරට වේලාවෙන් අද අලුයම 2:51ට රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

 එරට ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අලුයම් ඇති වූ මෙම භූමිකම්පනය ප්‍රදේශ කිහිපයකට එනම් නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බවයි.

එමෙන්ම ඉන්දියාව, ටිබෙටය මෙන්ම චීනයේ මායිම් ප්‍රදේශවලට ද මෙම කම්පනය දැනී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වුවද තවමත් සිදුවූ හානිය පිළිබදව වාර්තා වී නොමැත.

ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

පාසල් සිසුන්ට ලබා දෙන සපත්තු පිළිබඳ තොරතුරු නිකුත් වේ

පාසල් සිසුන්ට ලබා දෙන සපත්තු පිළිබඳ තොරතුරු නිකුත් වේ


ReeCha