තරුණයෙක් බිරිඳ සහ දරුවන් සමඟ කිලෝ මීටර් 1000ක පාගමනක් අරඹයි..(PHOTOS)

Australia Austria World
By Aruna Aug 01, 2023 11:47 PM GMT
Aruna

Aruna

Report

සරණාගත නීල් පාරා Ballarat සිට සිඩ්නි දක්වා වන පා ගමන ආරම්භ කරමින් ABC Ballarat: Rochelle Kirkham ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකීකයෙකු තනි පුද්ගලයෙකු ලෙස පා ගමනක් ආරම්භ කර තිබෙනවා.

ඒ, එරට තුළ සරණාගතයන් ලෙස සිටින සියලු දෙනාට පුරවැසිබාවය ලබා දෙන ලෙසට රජයට බල කරමින් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මේ හේතුවෙන්, නීල් පාරා නමැති තරුණයෙකු කිලෝමීටර් 1000 ක පා ගමනක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව, ඔහු Ballarat නමැති ස්ථානයේ සිට සිඩ්නි නුවර පිහිටා ඇති අග්‍රමාත්‍ය තේරීම් කාර්යාලය (Prime Minister's electoral office) පිහිටා ඇති ස්ථානය දක්වා ගමන් කරනු ඇති.

ඔහු වසර අටකට ආසන්න කාලයක් වීසා නොමැතිව සිය බිරිඳ සහ දියණියන් තිදෙනා සමඟ එරට තුළ සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

නීල් පාරාගේ බිරිඳ වන සුගා සහ දියණියන් තිදෙනා සමඟ 2012 වසරේ දී ඔස්ට්‍රේලියාවට පැමිණි කාලයේ දී ඡායාරූප පහතින්.

මෙරට පැවැති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් වූ නීල් 2008 වසරේ දී මැලේසියාව බලා ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව 2013 වසරේ දී ඔස්ට්‍රේලියාවේ Ballarat නමැති ප්‍රදේශයට ගිය ඔහුට සහ පවුලට තාවකාලික වීසා හිමි වූ බව සඳහන්.

ඒ අනුව, මෙම පවුල වසර නවයකට ආසන්න කාලයක් සිය නිවාස කුලිය ගෙවීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට අන් අයගෙන් උදව් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප නීල් පාරා Nivash, Kartie සහ Nive 2013 වසරේ දී ඡායාරූප පහතින්, ABC Ballarat: Rochelle Kirkham නීල් පාරාගේ පවුලේ පිරිස ABC Ballarat: Rochelle Kirkham

ඒ අනුව තමන්ට පමණක් නොව තමා මෙන් ඔස්ට්‍රේලියාව තුළ රැඳි සිටින සියලු ම සරණාගතයින්ට පුරවැසිබාවය ලබා දෙන ලෙස ඉල්ලමින් නීල් පාරා මෙම පාගමන ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඒ සමඟ අග්‍රාමාත්‍යවරයාට භාර දීම සඳහා අත්සන් 11,500කට අධික පෙත්සමක් ද ඔහු රැගෙන යන බවයි. නීල් දෛනිකව කිලෝමීටර් 30 ක් පමණ ගමන් කරන බව සඳහන්.

ඒ අනුව සැප්තම්බර් මස 09 වැනිදා ඔහු සිය පා ගමන අවසන් කිරීමටත් ඉන් අනතුරුව සිය පෙත්සම අග්‍රාමාත්‍යවරයාට භාර දීමටත් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ABC Ballarat: Rochelle Kirkham Margaret O'Donnell නීල් පාරාගේ පා ගමනට සහය දක්වයි ABC Ballarat: Rochelle Kirkham

ඔහු, දරුවන් සහ බිරිඳගේ ඡායාරූප කිහිපයක් පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha