පහළ කඩුගන්නාව පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාවක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන්නේ පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ ගල් පෙරලීමේ ආපදා තත්ත්වය පරීක්ෂා කර ඒ ස්ථානයට ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවයි.
ඒ වගේම එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීමේ හැකියාවක් පවතින බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා ප්‍රකාශ කර තිබේ. අද (25) පැවැති මාධ්‍ය හමුවේදී එතුමා මේ පිළිබද සඳහන් කර තිබේ.
තවද එතුමා සදහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම කටයුතු සිදු කිරීමට බාධා එල්ල වී ඇති බවයි.
ඒ වගේම මෙම ප්‍රදේශය භෞතික මැනුම් කටයුතු සිදු කිරීමට අපහසු ස්ථානයක් බවත් මේ හේතුවෙන් ලයිඩා තාක්ෂණය සහ ඩ්‍රෝනා තාක්ෂණය භාවිත කරමින් එම ප්‍රදේශයේ මැනුම් කටයුතු සිදුකළ බවත් එතුමා සදහන් කර ඇත .
තවද ඊයේ දිනයේදී එම ස්ථානය දීර්ඝ කාලීනව ස්ථාවර කිරීම සඳහා වූ සැලසුම් සකස් කිරීම සඳහා කටයුතු ආරම්භ කළ බව එතුමා ප්‍රකාශ කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිල මහතා තව දුරටත් සදහන් කළේ ඉදිරි කාලයේදී දීර්ඝ ස්ථාවර කිරීම් කටයුතු සැලසුම් කර එම ස්ථාවර කිරීම් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි .