බෙල්ජියමේ ලොකු වැඩවර්ජනයක්

Report

බෙල්ජියමේ ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති එක්ව දින තුනක, ජාතික මට්ටමේ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඒ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ වගේම එරට ආණ්ඩුව විසින් එරට අයවැය හිඟය අවම කිරීමට උත්සහ දරමින් සිටින වකවානුවකයි.

තවද යුරෝපා සංගමයේ නීති වලට අනුව බෙල්ජියම ඔවුන්ගේ අයවැය හිඟය, එරට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනකට වඩා අඩු මට්ටමක පවත්වා ගත යුතුව ඇත.

නමුත් මේ වන විට තත්වය වනුයේ බෙල්ජියමේ අයවැය හිඟය එරට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරයි දශම පහකි.

ඒ අනුව බෙල්ජියම් රජය තීරණය කර ඇත්තේ එරට කම්කරු නීති වෙනස් කොට විරැකියා ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණය කිරීමටයි.

එම ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව අධ්‍යාපන, ප්‍රවාහන සහ වෛද්‍ය ඇතුළු වෘත්තය සමිති වැඩ වර්ජනයක් මෙලෙස ක්‍රියාත්මක කර තිබේ.

ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කෙරේ

ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කෙරේ

තවද ඊයේ දිනයේ ආරම්භ වූ වැඩ වර්ජනය, හෙට දිනයේදී රට පුරා ව්‍යාප්ත වීමට නියමිත බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙකක, හෙට දිනයට නියමිත සියලුම පිටවීමේ ගුවන් ගමන් අවලංගු කර ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව යුරෝපය හරහා ධාවනය කෙරෙන යුරෝ ස්ටාර් දුම්රිය සේවයටද හෙට දිනයේ බලපෑම් එල්ල විය හැකිය.

චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්