පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට අදාළ ප්‍රා.ස. සභාපති ඇතුළු පස්දෙනෙකුට ඇප

Report

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගලවීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

අදාළ සභාපති, උප සභාපති ඇතුළු සිව්දෙනෙකු අද (25) අධිකරණයට භාර වූ අතර, සැකකරුවන්ට එක් අයෙකුට රු. ලක්ෂ 5 බැගින් ශරීර ඇප නියම කරමින් වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන්ව මුදා හැරීමට කටයුතු කරයි.

පුරාවිද්‍යා පුවරු ඉවත් කිරීමේ සිද්ධියට වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපති අධිකරණයට භාර වෙයි

පුරාවිද්‍යා පුවරු ඉවත් කිරීමේ සිද්ධියට වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපති අධිකරණයට භාර වෙයි

මෙම නඩුව ලබන මස 15 වැනිදා යළි කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලීසියට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, එය අනුව සිදු කළ පරීක්ෂණවලදී එක් සැකකරුවෙකු ඊයේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුණු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේ සංඥා පුවරු සවිකිරීම පසුගිය නොවැම්බර් 03දා ආරම්භ කර තිබුණද, එම පුවරු 22 වැනිදා ප්‍රාදේශීය සභා බලධාරීන් විසින් ගලවා ඉවත් කර තිබේ.

කාමාතුරයෙක් වූ දොස්තර - පෝලිමේ ඉන්න අයව ඇතෑරලා තරුණ කතකට අතවර කරලා අත්අඩංගුවට

කාමාතුරයෙක් වූ දොස්තර - පෝලිමේ ඉන්න අයව ඇතෑරලා තරුණ කතකට අතවර කරලා අත්අඩංගුවට