නැවක් ඇදගෙන ගිය බත්තලක් බෝට්ටුවක් යටකරයි
මහ මුහුදේ නැවකින් ඇදගෙන යමින් සිටි බත්තලකට මෝටර් බෝට්ටුවක් අද (25) යටවී මෝටර් බෝට්ටුවක් මුළුමනින්ම විනාශවී ගොස් ඇත.
බත්තලකට යටවී ගිය මෝටර් බෝට්ටුවේ සිටි ධීවරයින් දෙදෙනා පිහිනා ගොස් ජීවිත බේරා ගෙන ඇති වග අම්බලන්ගොඩ ධීවර වරාය කාර්යාලය සදහන් කර තිබේ.
එලෙස දිවි ගලවාගෙන ඇත්තේ අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගිය අම්බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචි ධීවරයින් දෙදෙනෙකි.
තවද එම මෝටර් බෝට්ටුව බත්තලකට යටවී ඇත්තේ අද (25) අලුයම 3.30ට පමණයි.
මෙලෙස බත්තලට යටවී පිහිනා දිවි බේරා ගත් ධීවරයින් දෙදෙනා සහ මුහුදු බත්වූ මෝටර් බෝට්ටුව රැගෙන ඒමට සදහා අද (25) උදෑසන අම්බලන්ගොඩ ධීවර වරායෙන් බහුදින ධීවර යාත්‍රාවක් ඇතුළු ධීවර යාත්‍රා කිහිපයක් පිටත්ව ගොස් තිබේ .