පුරාවිද්‍යා පුවරු ඉවත් කිරීමේ සිද්ධියට වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපති අධිකරණයට භාර වෙයි

Report

වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අද (25) වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බවට වාර්තා වේ.

ඒ මහත් ආන්දෝලනයක් ඇති කළ මඩකලපුව, වාලච්චේන, කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මඟින් පවත්වාගෙන යන පුරාවිද්‍යා ස්ථානවල දිශා පුවරු ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධවයි.

කාමාතුරයෙක් වූ දොස්තර - පෝලිමේ ඉන්න අයව ඇතෑරලා තරුණ කතකට අතවර කරලා අත්අඩංගුවට

කාමාතුරයෙක් වූ දොස්තර - පෝලිමේ ඉන්න අයව ඇතෑරලා තරුණ කතකට අතවර කරලා අත්අඩංගුවට

වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන් සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර පොලිස් කණ්ඩායම් 04ක් යොදවා තිබුණි.එහිදී, අදාළ පුවරු සභාවේ අනුමැතියකින් තොරව ඉවත් කළ බව සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙරට පුරාවිද්‍යා ස්ථාන දැකබලාගැනීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව උදෙසා, මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පෙන්වන දිශා පුවරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 03 වැනිදා සිට සවිකර තිබුණි.

චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට

චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට

කෙසේ වෙතත්, වාලච්චේන සහ පට්ටිපොළ පොලිස් බල ප්‍රදේශවල තිබූ පුරාවිද්‍යා දිශා පුවරු වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් ගලවා ඉවත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාලච්චේන පොලිසියට පැමිණිලි කළ බවද වාර්තා වේ.