පහළ කඩුගන්නාවේ පිළිසකර කිරීම් ඇරඹේ
නායයෑම හේතුවෙන් වසා ඇති කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවේ ගිලාබැසීම් පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අද (25) උදෑසන සිට එහි පිළිසකර කිරීම ආරම්භ කර ඇතිබවට වාර්තා වේ.
එමෙන්ම, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑමට ලක්වූ ස්ථානය ඉහළින් ඇති ගල් පර්වත කඩා පුපුරුවා හැරීම්වලට ලක්වීම නිසා එය ඉවත් කිරීමට අද සිට කටයුතු සිදු කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම්. හේරත් ප්‍රකාශ කරයි.
ඒ අනුව නායයෑම හේතුවෙන් වසා ඇති කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස ඉදිරියේදී විවෘත කරන විට, ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
එමෙන්ම, මාර්ගය විවෘත කළ පසු මගී ප්‍රවාහනයට පමණක් මාර්ගය භාවිතා කළ හැකි ලෙස සීමා කිරීමටද ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී තිබේ.