කොළඹ වරාය නගර පනත සංශෝධනයට අනුමැතිය ලැබේ
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
2021 අංක 11 දරන පනත සංශෝධනය කිරීම සඳහා බදු දිරිගැන්වීම් අනුකූලතාව හා අධීක්ෂණය ශක්තිමත් කිරීම, සහ ආයතනික ප්‍රතිසංවිධානය 2025-07-07 දින 2025-10-13 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරයද ලැබී ඇති බව ද නිවේදනය කරයි.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සහ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළේය.