මේ පාලකයෝ නිසා මේ වයසේදී ජීවිතේ සැලසුම් කරන්න අවශ්‍ය වුනත් ඒ සියල්ල කඩාගෙන වැටුනා - ජනප්‍රිය නිළි නයනතාරා වික්‍රමාරච්චි . (PHOTOS)

By Sithumi May 07, 2022 05:57 PM GMT
Sithumi

Sithumi

Report

වසර කිහිපයක්ම එක පිටම ජනප්‍රියම නිලිය සම්මානය කිහිප වතාවක්ම දිනාගත් අපූරු රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ. ඇය ගැන හොදින්ම දැන හඳුනා ගන්නට පටන් ගත්තේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගන කටයුතුවලට සහභාගි වීමත් එක්ක

.ඉතින් ඒත් සමඟින් අද වෙනකොට ලංකාවේ ඇය පිළිබදව නොදන්න කෙනෙක් හොයාගන්න අමාරුයි. ජනප්‍රිය චරිතයක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් නිසාම තමයි කීප විටක්ම ජනප්‍රිය සම්මානය හිමිකර ගන්නට ඇය සුදුසුකම් ලබනවා.ඉතින් ඒ වගේම දෙවනි ඉනිම ටෙලි නාට්‍යයට අමතරව ඇය ඒකාංගික ටෙලිනාට්‍ය කිහිපයකම දැක ගන්නට හැකියාවක් ලැබුණා.

ඊට අමතරව මේ දවස් වල විකාශනය වන පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍ය ඔස්සේ ද ඇයගේ රංගන හැකියාවන් දැකබලා ගන්නට අපට හැකියාවක් ලැබිලා තිබෙනවා.කෙසේ වෙතත් ඇය ටෙලි නාට්‍ය තුළින් පමණක් නවතින්නේ නැතිව ඇගේ රංගන හැකියාව රිදී තීරයටත් අරගෙන ගිහිල්ලා කියලයි ආරංචි වෙන්නේ.

මේ වන විට සිනමාපට කිහිපයකටම රංගන දායකත්වය ලබාදීලා තිබෙනවා කාරණාව ඇය විටෙක සඳහන් කරලා තිබුණා.2015 වසරේ දී ඇය පළමු වරට රංගනයෙන් දායක වෙන්නේ හංස පිහාටු කියන ටෙලිනාට්‍යයට. පසුව මීදුමෙන් එහා, සමනලුන්ට එන්න කියන්න, වැනි ටෙලි නාට්‍යය කිහිපයකටම ඇය රංගන දායකත්වය ලබා දෙනවා.ඉතිං නයනතාරා කියන විදිහටම පෞද්ගලිකවම ආදරේ කරන චරිතයක් තමයි දෙවෙනි ඉනිමේ රඟපාන දෙව්මි ගේ චරිතය.

ඉතින් දෙව්මි ඔස්සේ තමයි ප්‍රේක්ෂකයන් බොහෝ විට ඇයව දැන හඳුන ගන්නෙ.ඉතින් ඇය කියන දෙයක් තමයි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය අවසන් වීමෙන් පසුව නැවතත් එම නාට්‍යයේ දෙව්මි කියන චරිතයට සමාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නේ නැහැ කියන දේ. ඒ වගේම ඇය සඳහන් කරන්නේ රංගනයෙන් දායක වන චරිත වල වෙනස් කමක් තියෙන්නට ඕන කියලා.ඒ වගේම අද මේ වෙද්දි රටට ඇතිවෙලා තියෙන මේ තත්වය කළා ක්ෂේත්‍රයටත් තදින්ම බලපාලා තියෙනවාලු.

ඒ වගේම ලංකාව ඇතුළෙ සියලුම ක්ෂේත්‍ර අද වෙද්දි කඩාගෙන වැටිලා තියෙන්නෙ කියලත් ඇය කියනවා. ඉතින් අපි හැමෝම මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙලාලු ඉන්නේ අඩු වැඩි වශයෙන්. ඒ වගේම අපිට අවංකවම සතුටින් ඉන්න පුළුවන් යුගයක් නෙවෙයිලු මේ උදාවෙලා තියෙන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාගෙන වැටිලා නිසා ඒක ඇත්තටම පොඩි ළමයින්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම තරුණ වයසේ ඉන්න අයටත් මේ තත්වය ගොඩක් බලපාලා තියෙනවා කියලත් ඇය කියනවා.

මේ කාලෙදි ජීවිතේ සැලසුම් කරන්න අවශ්‍ය වුනත් ඒ සියල්ල කඩාගෙන වැටිලා තියෙනවා කියලයි ඇය කියන්නේ.ඒ වගේම ඇය ප්‍රාර්ථනා කරන්නේ අධ්‍යාපන ක්‍රමයේ ඉඳලම මේ හැමදේම හැදෙන්න ඕනෑ කියලලු. ලංකාව කියන්නේ සුන්දර රටක්, පින් බීමක්. ඉතින් මේ සුන්දර රටට හොඳ පාලනයක් ලැබිලා හැමදේම හොඳ විදියට සිද්ධ වෙන මාතෘ භූමියක් බිහි වෙන්න කියලා ඇය හදවතින්ම ප්‍රාර්ථනා කරනවාලු. ඒ වගේම ඇයගේ වෘත්තිය රංගනයම තමයිලු.




GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery