කොළඹ සිට මේ රට දක්වා ගමන් කෙරූ ගුවන් ගමන් සේවයේ වාර ගණන වැඩි කරයි
ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන් සේවය 2026/27 ශීත ඍතු ගුවන් ගමන් කාලසටහන යටතේ සූරික් සහ කොළඹ අතර ක්‍රියාත්මක ගුවන් ගමන් වාර ප්‍රමාණය සතියකට 3ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබේ.
පසුගිය ශීත ඍතු සමයේදී සතියකට ගුවන් ගමන් 2ක් ලෙස පැවති මෙම සේවාව, නව කාලසටහනත් සමඟ සතියකට ගුවන් ගමන් 3ක් දක්වා වර්ධනය කර ඇත.
මෙකී නව ශීත ඍතු සේවාවේ පළමු ගුවන් ගමන 2026 ඔක්තෝබර් 26 වනදා සූරික් නුවරින් පිටත්වීමට නියමිත අතර, එය ඔක්තෝබර් 27 වනදා ශ්‍රී ලංකාවට ළඟා වනු ඇත.
මෙම සේවාව 2027 මැයි මාසය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. අලුත් කාලසටහනට අනුව සූරික් සිට කොළඹ දක්වා ගුවන් ගමන් සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල ක්‍රියාත්මක වන අතර, කොළඹ සිට සූරික් දක්වා ආපසු ගුවන් ගමන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පැවැත්වේ.
2025 වසරේදී ස්විට්සර්ලන්ත සංචාරකයින් 30,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මෙම ගුවන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට සහ ස්විට්සර්ලන්ත වෙළඳපොළ තවදුරටත් ආකර්ෂණය කරගැනීමට විශාල පිටුවහලක් වනු ඇත.